ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ ඒකකය (EP&AU) 14 වන සංවත්සරය සමරයි
12:17am on Saturday 25th January 2025
කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ ඒකකය (EP&AU)  2025 ජනවාරි 01 දින එහි 14 වන සංවත්සරය අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එම්එම්ඒ මෙන්ඩිස් නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සමරනු ලැබීය.

2011 ජනවාරි 01 වන දින මෙම ඒකකය ස්ථාපිත කරන ලද්දේ වින්ග් කමාන්ඩර් කේආර් එරමුදුගොල්ල නිලධාරිතුමන්ගේ අණ යටතේ ස්වාධීන ඒකකයක් ලෙසය. එතැන් සිට මේ දක්වා මෙම ඒකකයට අණදෙන නිලධාරීන් 15 දෙනෙකු අණ දී ඇත.

මෙම ඒකකයේ 14 වන සංවත්සරයට සමගාමීව 2025 ජනවාරි 01 දින ඒකක පෙළපාළි භූමියේදී චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියක් පවත්වන ලදී. එය අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එම්එම්ඒ මෙන්ඩිස් විසින් පරීක්ෂා කරන ලදී. ඉන් අනතුරුව නිලධාරීන්, අනෙකුත් නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතනු ලැබීය. ඒකකයේ පවතින සාර්ථකත්වය පවත්වා ගැනීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ඒකකයේ සියලුම සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කළේය. ඒකකයේ සාර්ථකත්වයට දායක වූ සියලු දෙනා ඔහු කෘතඥතාවයෙන් සිහිපත් කළේය.

පෙළපාළියෙන් පසුව 14 වන සංවත්සරයට සමගාමීව ඒකක පරිශ්‍රයේ දී රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි