ගුවන් හමුදාපතිතුමා විසින් 'සුරක්ෂා' රැෆල් දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින්ට චෙක්පත් ප්‍රධානය කෙරේ
‘සුරක්ෂා’ ගුවන් හමුදා රැකවරණ නිවාස ව්‍යාපෘතිය සඳහා මෑතකදී අවසන් වූ දිනුම් ඇදීමේ ජයග්‍රාහකයින්ට හිමි චෙක්පත් ප්‍රධානය කිරීම 2025 ජනවාරි 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් ජාතියට කළ සේවය අගයමින් ඔවුන්ට ලැබිය යුතු සහයෝගය සහ සැනසීම ලබා දීම සඳහා කැපවූ විශේෂිත සත්කාර පහසුකමක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස දිනුම් ඇදීම සිදුකරන ලදී.
ප්‍රධාන ත්‍යාගලාභීන් තිදෙනා අතරට ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ ගෲප් කැප්ටන් එච්එම්එල්එස් ලංකාතිලක, වීරවිල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට විජේසිංහ සහ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ කෝප්‍රල් සමරවීර එම්.සී.යන අය ඇතුළත් විය.