ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය -2025
11:29am on Thursday 30th January 2025
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් දොලොස් වන වරටත් සංවිධානය කරනු ලබන 2025 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රජපක්ෂ මැතිතුමන්ගේ මග පෙන්වීම මත ත‍්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී 2025 ජනවාරි මස 17 වන දින සිට 18 වන දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම ගොල්ෆ් තරගාවළියේ දි ගුවන් හමුදාධිපති කුසලානයට සමගාමීව ත‍්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරඟකරුවන් පිරිමි සහ කාන්තා කාණ්ඩයන්ට අයත්ව දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරඟ වැදිමට නියමිතව ඇත.  

දෙස් විදෙස් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ගුවන් හමුදාධිපති ගොල්ෆ් තරගාවළිය තුලින් ශ‍්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ එක්තරා පැතිකඩක් වන ක‍්‍රීඩාව මත පදනම් වූ සංචාරක කර්මාන්තය තුළින් සංචාරක ක‍්‍රිඩාව(Sport Tourism) ප‍්‍රවර්ධනය කිරීමට ගුවන් හමුදාව සතු අනුරාධපුර, කොග්ගල හා චීනවරාය යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති ගොල්ෆ් ක‍්‍රීඩාංගන ත‍්‍රිත්වයක් මේ වනවිටත් සුවිශේෂි කාර්යභාර්යයක් ඉටුකරනු ලබන අතර මෙමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව තම සෘජු දායකත්වය ලබා දි ඇත. ඒ අනුව දකුණු පළාත් සංචාරක කර්මාන්තයේ ආකර්ෂණීය ස්ථානයක පිහිටුවා ඇති කොග්ගල ගොල්ෆ් ලින්ක් ක‍්‍රීඩාංගනය 2024 වර්ෂයේදී 450 කට අධික දෙස් විදෙස් ගොල්ෆ් ක‍්‍රීඩකයින් පිරිසක් භාවිතා කර ඇත.    
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව මේ වන විට ශ‍්‍රි ලංකාව තුල ගොල්ෆ් ක‍්‍රිඩාව ප‍්‍රචලිත කිරිම සදහා සුවිශේෂී කාරයභාර්යයක් ඉටුකරනු ලබන අතර පාසල් මට්ටමෙන් ගොල්ෆ් ක‍්‍රීඩාව නගා සිටුවීම අරමුණු කර ගනිමින් ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ගොල්ෆ් ක‍්‍රිඩාව පිළිබද උනන්දුව දක්වන හා  දක්ෂතා දක්වනු ලබන පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ගොල්ෆ් ක‍්‍රීඩාව පිළිබඳ විශේෂ වැඩමුළු  පාසල් මටිටමින් ආරම්භ කිරිම මේ වනවිටත් සිදුකර ඇත.    

ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2025 ජනවාරි මස 18 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රජපක්ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.  

මෙම වසරේද ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනයේ සමූහ ප්‍රදධාන නිලධාරී නවීන් පීරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ත‍්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා පස් වන වරටත් අනුග‍්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.

තවද වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය ගෝල්ෆ් සමාජ සහ තරඟාවලි සඳහා අනුග‍්‍රාහකත්වය ලබා දීම ගෝල්ෆ් ක‍්‍රිඩාවේ සංවර්ධනයට සහ ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩකයින් සඳහා අනුග්‍රහකත්වය  සැපයීම තුළින් ගෝල්ෆ් ක‍්‍රීඩාවේ සංවර්ධනයට නිරන්තර සහයෝගය ලබාදී තිබෙන බවත් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට මනරම් අද්විතීය ගොල්ෆ් ක‍්‍රීඩාංගනයකදී තම කුසලතා වර්ධනය කරගැනීමට සුවිශේෂි අවස්ථාවක් සහ ශ‍්‍රී ලංකාවේ ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් හට සහෝදරත්වයෙන් යුතුව එක්ව තරඟ කිරීමට මෙම ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය අවස්ථාවක් සලසා දි ඇති බවත්. ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය ගෙල්ෆ් සමාජ තරගාවලි ළමුන් සඳහා ගොල්ෆ් සංවර්ධනය සඳහා අනුග‍්‍රහය දැක්වීම ජාතික හා ජාත්‍යන්තර මටිටමින් ප‍්‍රමුඛ ගොල්ෆ් ක‍්‍රීඩකයින් සහාය වීම සහ ක‍්‍රීඩාවට සම්බන්ද ප‍්‍රජාවන්ගේ ජීවනෝපාය නංවාලීම මගින් ශ‍්‍රී ලංකාවේ  ගොල්ෆ් ක‍්‍රීඩාව සමඟ සමීප බැඳීමක් පවත්වාගෙන යයි. එසේම මෙම තරඟාවළියට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත්වන අතර ගෝල්ෆ් ක‍්‍රිඩාවේ අභියෝගාත්මක සති අන්තයක් බලාපොරොත්තු විමට හැකිවෙතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි