"පිරිසිදු ශ්‍රී ලංකාව" වැඩසටහනට සහය දක්වමින් කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
11:36am on Thursday 30th January 2025
"පිරිසිදු ශ්‍රී ලංකාව" ජාතික වැඩසටහනේ කොටසක් ලෙස, කොග්ගල ගුවන් හමුදා කඳවුර 2025 ජනවාරි 11 වන දින කොග්ගල වෙරළ තීරය සහ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. පාරිසරික තිරසාරභාවයට සහාය වීම සහ පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම උත්සහයේ අරමුණ විය.

කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඒඩබ්ලිව්පී හෙට්ටිආරච්චි නිළධාරීතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සේවා පුද්ගලයින් 70 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

දේශීය ප්‍රජාවන්ට සහ අමුත්තන්ට හිතකර පරිසරයක් ලඟාකරදීමේ අරමුණික් කිලෝමීටර 05 ක් පමණ වෙරළ පිරිසිදු කිරීමට අමතරව, කොග්ගල වැවට යාබද අවට ප්‍රදේශ සහ ප්‍රධාන සංචාරක ස්ථාන කරා යන මාර්ගවල අපද්‍රව්‍ය සහ සුන්බුන් ඉවත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි