2025 ඊවා සමස්ත විවෘත නෙට්බෝල් තරගාවලියේදී ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම ද්විත්ව ජයග්‍රහණය හිමිකර ගනී
11:44am on Thursday 30th January 2025
බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමය විසින් සංවිධානය කරන ලද ඊවා සමස්ත විවෘත නෙට්බෝල් තරඟාවලිය 2025 ජනවාරි 11 සහ 12 යන දිනවල කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විණි.

ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම ‘ඒ’ සහ ‘බී’ අංශ දෙකෙන්ම තරඟ කළ අතර, පිළිවෙලින් නෙට් චැම්ප්ස් ක්‍රීඩා සමාජය 39-18ක් ලෙස සහ යාපනය ක්‍රීඩා සමාජය 13-07ක් ලෙස පරාජය කරමින් ශූරතා දෙකම දිනා ගැනීමට සමත් විය.

‘ඒ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව’ ලෙස බළලත් නිලධාරි තිළිණි වත්තේගෙදර පත්වූ අතර, ගුවන් කාන්තා චමුදි වික්‍රමරත්න ‘බී කාණ්ඩයේ වටිනාම ක්‍රීඩිකාව’ බවට පත්විය.

මෙම තරඟාවලිය රට පුරා නෙට්බෝල් කණ්ඩායම් රැසක සහභාගීත්වයෙන් ලීග් ආකෘතියකින් අංශ හතරක් යටතේ පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි