ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව සංවර්ධනය කරනු ලබන හිඟුරක්ගොඩ ගුවන් ධාවන පථය වෙත ගුවන් හමුදාපති තුමන් y12 ගුවන් යානයක් මගින් පරීක්ෂණ ගොඩබෑමක් සිදු කරයි .
12:27pm on Thursday 30th January 2025
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දැනට ඉදිකරමින් පවතින ගුවන් පථයට ගුවන් හමුදාපති තුමන් ගුවන් නියමුවකු ලෙස කටයුතු කරමින් y12 වර්ගයේ ගුවන් යානයක් ගුවන් පථය වෙත පරීක්ෂණ ගොඩබැස්සවීමක් ( Test Flight ) සිදුකරමින් ගුවන් පථයේ ප්‍රමිතිය පිලිබදව සොයා බැලීමට ගුවන් හමුදාපති තුමන් කටයුතු කරන ලදී.
ජාත්‍යන්තර මට්ටමේ ගුවන් ධාවන පථයක් ලෙස ඉදිකිරීමට නියමිත හිඟුරක්ගොඩ ගුවන් පථය මීටර් 2,500 කින් යුක්ත වන අතර මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA),මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සදහා උපදේශන ලබා දෙන අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම එයට අවශ්‍ය නිසි මග පෙන් වීම් හා නයිතික රාමුවන් (Regulatory Frame ) සපයනු ලබයි .
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2024 අගෝස්තු 19 වන දින ගුවන් හමුදා විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නිළ වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතිය අදියර හතරක් යටතේ සැලසුම් කර ඇත. පළමු අදියර ලෙස ප්‍රධාන ධාවන පථය ඉදිකිරීමට නියමිතව ඇති අතර මේ වන විටත් පලමු අදියර යටතේ ප්‍රධාන ධාවන පථයේ මීටර් 2,500 කින් යුතු ධාවන පථයෙන් මීටර් 850 ක් ඉදි කර අවසන් කර ඇත.
නිම කරන ලද එම මීටර් 850 කොටසෙහි පරීක්ෂණ ගුවන් යානා ගොඩබෑමක් සිදු කිරීමට RDA උපදේශක කණ්ඩායම නිර්දේශ කිරීමෙන් අනතුරුව ඒ සදහා ගුවන් හමුදාධිපති තුමන් නියමුවෙකු ලෙස කටයුතු කරමින් Y-12 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් 2025 ජනවාරි 13 දින සාර්ථකව පරීක්ෂණ ගොඩබෑමක් සිදු කරණ ලදි . මෙම අවස්ථාවට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුමේධ සිල්වා සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් දිනේෂ් ජයවීර යන නිලධාරින් සහභාගී වූහ.