ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය 32 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය 2025 ජනවාරි 13 වන දින සිය 32 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. මෙම පුහුණු පක්ෂාංගය මුලින් සටන් පුහුණු පාසලක් ලෙස 1993 ජනවාරි 13 වන දින ස්ථාපිත කරන ලද අතර පසුව 2013 ජූලි 15 වන දින ගොඩබිම් පුහුණු පක්ෂාංගය ලෙස එහි නම වෙනස් කරන ලදී.

ගොඩබිම් පුහුණු පක්ෂාංයට මේ දකවා අණදෙන නිලධාරීන් 29 දෙනෙකු අණ දී ඇති අතර වර්තමානයේ ගෲප් කැප්ටන් ආර්එන්ඩී සේනාධීර විසින් අණදෙන නිළධාරී තනතුරේ සේවය කරන ලදී. වර්තමානයේ මෙම පක්ෂාංගය නිලධාරී කැඩෙට් පුහුණුව, බඳවා ගැනීමේ පුහුණුව, මෙහෙයුම් ගුවන් උසස් පුහුණුව සහ විනයාරක්ෂක වෘත්තීය පුහුණු පවත්වයි.

සියලුම නිලධාරීන්, උපදේශකයින් සහ පුහුණුවන්නන්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූල සංවත්සර පෙළපාළිය පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව 2025 ජනවාරි 12 වන දින පුහුණු පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්
චීන වරාය මාර්බෙල් බීච් හීදි ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි