ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් නව ගෝල්ෆ් ක්‍රීඩාංගනයක් සීගිරියට
12:55pm on Thursday 30th January 2025
ශ‍්‍රී ලංකාවේ  සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදිකල ඊගල්ස් සිටඩෙල් (‘Eagles Citadel golf Course’) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිළ වශයෙන් විවෘත කිරීම අද (2025 ජනවාරි 17) වන දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ සහභා- ගීත්වයෙන් සිදුකරන ලදි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ප‍්‍රධානම සංචාරක පරාදිසයක් ලෙස සැලකෙන සීගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලබන මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගනය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක සංචාරකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව ඉදිකර ඇති අතර ගෝල්ෆ් ක‍්‍රිඩාංගනයේ මනරම්බවට මෙන්ම ගෝල්ෆ් ක‍්‍රිඩකයින් ගේ අභියෝගාත්මක තරගකාරිත්වයක අත්දැකිම ලබා ගැනිමට අවස්ථාව සලසා දිමේ අරමුණින් අයිලන්ඩි ටි (Island T) හා අයිලන්ඩ් බේ (Island Bay) ලෙස ස්ථානයන් මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගනය තුල  ඉදිකොට ඇත.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ජාත්‍යන්තර මට්ටමේ ගෝල්ෆ් ක්‍රීඩාංගන ත්‍රිත්වයක් ත‍්‍රීකූණාමලය, අනුරාධපුර සහ කොග්ගල යන ගුවන් හමුදා කදවුරු තුල ඉදිකර ඇති අතර සිගිරිය ගුවන් හමුදා කඳවුරේ ඉදිකල මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගනය ගුවන් හමුදාව සතු සිව්වන ගෝල්ෆ් ක්‍රීඩාංගනය වේ.  

මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගනය තුල ගෝල්ෆ් ක‍්‍රීඩාවට අවශ්‍ය සියළුම පහසුකම් වලින් සමන්විත වේ. ගෝල්ෆ් ක‍්‍රිඩාව සදහා අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ, නවාතැන් පහසුකම්, ආහාර පාන,ආදි සියළුම පහසුකම් ලබාගත හැකිවනසේ ඉදිකර ඇති මෙම ගෝල්ෆ් ක‍්‍රීඩා පිටිය ගෝල්ෆ් ක‍්‍රීඩාව සදහා කැමැත්තක් දක්වනු ලබන ඕනෑම පුද්ගලයෙකුහට මෙම ක‍්‍රීඩාංගනයට පිවිසීමටත් ක‍්‍රීඩා කිරීමටත් හැකියාව සලසා දීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි