ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘Royal Wings Over Ceylon' යන ඓතිහාසික පොත එලිදක්වයි
6:59pm on Thursday 30th January 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නවතම ඓතිහාසික ප්‍රකාශනය වන ‘Royal Wings Over Ceylon' පොත එළිදැක්වීම 2025 ජනවාරි 21 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම සන්ධිස්ථාන ප්‍රකාශනය තුලින් 1951 දී රාජකීය ලංකා ගුවන් හමුදාව පිහිටුවීම මෙන්ම රාජකීය ගුවන් හමුදා යුගයේ ශ්‍රී ලංකාවේ ගුවන් බලයේ මුල් වසර ඉස්මතු කරයි.
සම්භාවනීය අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීමෙන් සහ ප්‍රකාශනයේ වැදගත්කම ඉස්මතු කරන හැඳින්වීමේ කතාවකින් උත්සවය ආරම්භ වූ අතර.සම-කර්තෘවරයෙකු සහ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු වන ස්කොඩ්‍රන් ලීඩර් රෙහාන් ගුණතිලක විසින් ජාතියේ ගුවන් සේවා උරුමය ආරක්ෂා කිරීමේ අරමුණ විස්තර කරමින් ප්‍රකාශනය හඳුන්වා දෙන ලදී. රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසඥයෙකු සහ හිටපු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය ජෝර්ජ් කුක්, ශ්‍රී ලංකාව සහ රාජකීය ගුවන් හමුදාව අතර ඓතිහාසික සබඳතා අවබෝධ කර ගැනීමේදී එහි වටිනාකම අවධාරණය කරමින් පොත පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සිදුකරන ලදී.
‘Royal Wings Over Ceylon' පළමු පිටපත ප්‍රධාන කර්තෘ එයාර් කොමඩෝර් පූජණ ගුණතිලක සහ ගුවන් ලේකම් එයාර් කොමඩෝර් දුෂාන් විජේසිංහ විසින් ගුවන් හමුදාපතිවරයා වෙත පිළිගන්වන ලදී. ඉන්පසු දෙවන පිටපත උත්සවශ්‍රීයෙන් ආරාධිත අමුත්තා වූ ලීසා වැන්ස්ටෝල් මහත්මිය වෙත පිළිගන්වන ලද අතර, ඇයගේ පැමිණීම අගය කිරීම සඳහා ඇයට සමරු තිළිණයක්ද සිදුකරන ලදී.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල කීර්තිමත් ආරක්ෂක උපදේශකයින් සහ අනුයුක්ත නිලධාරීන්ට ද ප්‍රකාශනයේ පිටපත් ප්‍රදානය කරන ලද අතර, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන්, චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමඩෝර් මොහොමඩ් මොනිරුසාමන්, ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ජෝ, මාලදිවයින මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් යුකි යොකොහාරි, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් හසන් අමීර්, ශ්‍රී ලංකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා නියෝජ්‍ය ප්‍රධානී මේජර් එලිසබෙත් හෙවට් යන මහත්වරුන් ද ඊට ඇතුළත් විය.
මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කඳවුරු අණදෙන නිලධාරීන්, අණදෙන නිලධාරීන්, මෙම පර්යේෂණය ආරම්භ කළ කීර්තිමත් දක්ෂ මාධ්‍යවේදියෙකු වන ඩිෂාන් ජෝසප් මහතා සහ අනෙකුත් සියලුම නිලධාරීන් සහභාගී විය.