
නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවිය.
නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2025 ජනවාරි 27 දින අමාත්‍ය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවිය.
කෙටි සාකච්ඡාවකින් පසු, එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතා තම ධුර කාලය තුළ ලබා දුන් මඟ පෙන්වීම සහ සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. නියෝජ්‍ය අමාත්‍යවරයා නික්ම යන හමුදාපතිවරයාට සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ සියලු අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට සුභ ප්‍රාර්ථනා කරන ලදී.



