එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා එයාර් චීෆ් මාර්ෂල් තනතුරට උසස් කරන ලදී
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සන්නද්ධ හමුදා සේනාධිනායකයා ලෙස 2025 ජනවාරි 28 දින සිට බලපැවැත්වෙන පරිදි එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා තරු හතරේ එයාර් චීෆ් මාර්ෂල් තනතුරට උසස් කර ඇත.

එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජුනි 29 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගත් අතර 2025 ජනවාරි 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිය ගුවන් හමුදාධිපති ධුරයෙන් ඉවත් වීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි