ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම්  පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු 2025 ජනවාරි 27 දින පත්කරන ලදී. වැඩබලන අණදෙන නිලධාරී බලඝණ නායක එස්.එම්.වී.ඒ.එල්.වී විදානආරච්චි නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එල්.එච්.එල්.කේ ලියනහෙට්ටි නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී, ගෲප් කපිතාන් එල්.එච්.එල්.කේ ලියනහෙට්ටි ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම්  පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර ආරක්ෂක සේවා අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික අධ්‍යක්ෂක තනතුර දැරීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි