ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නික්ම යාම හා නව ගුවන් හමුදාධිපති එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත ගුවන් හමුදාධිපති ධූරය භාරදීමේ උත්සවය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා වෙත ගුවන් හමුදාධිපති ධූරය උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ජාතියට වසර 36 කට වැඩි කාලයක් කළ කීර්තිමත් සේවය 2025 ජනවාරි 28 දින ගුවන් හමුදා මූලස්ථානයේදී අවසන් විය.
නික්ම යන ගුවන් හමුදාපතිවරයා අවසන් වරට සමස්ත ගුවන් හමුදාව ඇමතන ලදී. සිය කතාව අතරතුර තම ධූර කාලය තුළ ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින්ට සිය කෘතඥතාව පළ කරන ලදී.
නික්ම යන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති ධූරය භාරදීම සංකේතවත් කරමින් නව ගුවන් හමුදාධිපතිතුමන්ට චාරිත්‍රානුකූල යෂ්ටිය භාර දෙන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී විය.
චාරිත්‍රානුකූල පෙළපාළියෙන් පසුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිලධාරී භෝජනාගාරයේදී චාරිත්‍රානුකූල භෝජන සංග්‍රහයක් පැවැත්විය. එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වන ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ සේවයට ගෞරව දැක්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කරන ලදී. ගුවන් හමුදා සම්ප්‍රදායට අනුව පිටත්ව යන ගුවන් හමුදාධිපති සමඟ චාරිත්‍රානුකූලව ආහාර ගැනීම සිරිතකි. උත්සවය අවසානයේ පිටත්ව යන ගුවන් හමුදාධිපති SIAI-Marchetti ගුවන් යානයක අසුන්ගෙන ගුවන් හමුදාවෙන් ඉවත්වීම සංකේතවත් කරමින් නිලධාරී භෝජනාගාරයෙන් ඇදගෙන යනු ලැබීය.

Parade and
farewell address
Handing
Over of ceremonial
baton
Traditional
Dining -Out