ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිලධාරියා පත්වීම 2025 ජනවාරි 31දින සිදු වූ අතර එහිදී ගෲප් කපිතාන් ආර්.එම්.සී.ජේ.කේ. රත්නායක නිලධාරිතුමන් විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 උපායික ප්‍රවාහන බලඝණයේ හිටපු අණදෙන නිලධාරියා වූ ගෲප් කපිතාන් ටී.පී. ද සිල්වා නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරියා තනතුර භාර දෙන ලදී. භාරදීමේ හා භාර ගැනීමේ පෙළපාළිය පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ආර්.එම්.සී.ජේ.කේ. රත්නායක නිලධාරිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ විදේශ කටයුතු ලෙස වැඩ භාර ගනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි