ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවා අංශය හදිසි ඉවත් කිරීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.
7:55pm on Wednesday 19th February 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවාව  විසින් 2025 ජනවාරි 31 දින කොළඹ 2, ඩිවලොප්මන්ට් හෝල්ඩින් (PVT) හිදී පුළුල් හදිසි ඉවත් කිරීමේ අභ්‍යාසයක් පැවැත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු උපකරණ  උපයෝගී කරගනිමින් ගොඩනැගිලි තුල ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා ඉහළ නැගීමේ ගුවන් ඉණිමං, මෙහෙයුම් වේදිකා, ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා කඹ , හුස්ම ගැනීමේ උපකරණ, සහිතව ඉහළ නැගීමේ ගලවා ගැනීමේ ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රදර්ශනය කරමින් (HRBR) නිරූපණයක් ඇතුළත් ඒකාබද්ධ අභ්‍යාසයක් ක්‍රියාත්මක කරන ලද පළමු අවස්ථාව මෙය විය.

හදිසි ඉවත් කිරීමේ අභ්‍යාසයේ මූලික අරමුණ වූයේ හදිසි අවස්ථාවකදී ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවයේ සහ ඩිවලොප්මන්ට් හෝල්ඩින් (PVT) කාර්ය මණ්ඩලයේ ප්‍රතිචාර හැකියාවන් වැඩි දියුණු කිරීමයි. මෙම අභ්‍යාසය ආරම්භ වූයේ ඉහළ පීඩන පරිසරයක් අනුකරණය කරමින් රෝහල් පරිශ්‍රයෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඉවත් කිරීමෙනි. අභ්‍යාසයේ කොටසක් ලෙස, ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම ඉහළ නැගීමේ ගලවා ගැනීමේ ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රදර්ශනය කරමින් (HRBR) නිරූපණයක් සිදු කළේය.

හදිසි අවස්ථා වලදී කණ්ඩායම් හැඟීම, කාර්යක්ෂමතාව සහ සූදානම පිළිබඳ වැදගත්කම ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිතිපතා අභ්‍යාස සහ නිරූපණ පැවැත්වීමෙන් ශක්තිමත් කරනු ලබයි. මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය සේවා පහසුකම්වල වැඩිදියුණු කළ ආරක්ෂක ප්‍රමිතීන් ප්‍රවර්ධනය කරන අතරම ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමේ මෙහෙයුම් සූදානම ශක්තිමත් කරයි.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ මඟ පෙන්වීම යටතේ හදිසි අභ්‍යාසය පවත්වන ලදී. මෙම අභ්‍යාසය ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය මහතා සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවන පාසලේ සහ ගිනි නිවන නඩත්තු බලඝණයේ අණදෙන නිලධාරී, වින්ග් කමාන්ඩර් චමිල් හෙට්ටිආරච්චි මහතා, කොළඹ කදවුරේ ගිනි නිවන අංශයේ නිලධාරී, වින්ග් කමාන්ඩර් සසංක මෙන්ඩිස් සහ රැපල් මාස්ටර්, බලපංති සැරයන් චතුරංග ජේඒඩීඑල්එන් මහතා විසින් අධීක්ෂණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි