ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 43 වර්ණ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 43 වර්ණ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරිවරයකු 2025 පෙබරවාරි 07 පත් විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් කේඑම්පීඑස් කුලතුංග නිලධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඕඩබ්ලිව්කේපී ඕවිටිපාන නිලධාරිතුමන් වෙත රාජකාරිය භාරදෙන ලදී. නව අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඕඩබ්ලිව්කේපී ඕවිටිපාන  මීට පෙර අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ අංක 39 රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තනතුර දරණ ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි