ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ
9:32am on Saturday 22nd February 2025
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත්වීම 2025 පෙබරවාරි 06 දින එම බලඝණ පරිශ්‍රයේදී සම්ප්‍රදායිකව භාරදීමේ/භාර ගැනීමේ පෙළපාළිය සමඟ සිදු විය.

නව අණදෙන නිලධාරියා වන ගෲප් කපිතාන් ඒආර් පතිරගේ  නිලධාරිතුමන් වැඩබලන අණදෙන නිලධාරී, වින්ග් කමාන්ඩර් ඒ ප්‍රනාන්දුපුල්ලේ නිලධාරිතුමන් වෙතින් වැඩ භාර ගන්නා ලදී.

නව අණදෙන නිලධාරියා මීට පෙර අංක 61 පියාසැරි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. වින්ග් කමාන්ඩර් ඒ ප්‍රනාන්දුපුල්ලේ අංක 6 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් අණදෙන නිලධාරී තනතුර භාර ගනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි