ආරක්ෂක සේවා නෙට්බෝල් තරගාවලියේ ශූරතාව ගුවන් හමුදාවට
10:05am on Saturday 22nd February 2025
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ නෙට්බෝල් තරගාවලිය  2025 පෙබරවාරි මස 07 වන දින  තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී සාර්ථකව අවසන් විය.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නෙට්බෝල්  කණ්ඩායම  වසර 09කට පසු සුවිශේෂී දක්ෂතා දක්වමින් යුද හමුදාව, නාවික හමුදාව පිළිවෙලින්  67ට52 සහ 59ට 55 වශයෙන් පාරාජය කරමින් 13 වන ආරක්ෂක සේවා නෙට්බෝල් ශුරතාවය  දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ත්‍යාඟ සහ සහතිකපත් ප‍්‍රධානෝත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි  ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහභාගී වූ අතර ගුවන් හමුදා දැල්පන්දු සභාපතිනි එයාර් කොමඩෝ සුරේකා ඩයස්, ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක එයාර් කොමඩො සුරේෂ් ජයසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුඵ සෙසු නිලයන් රැසක් සහභාගී විය.

විශේෂ සම්මානලාභීන්:

Best Center ක්‍රීඩිකාව  -   නායක ගුවන් කාන්තා ඉෂාරා ධර්මසිරි
Netball queen  -  බලලත් නිලධාරී තිළිණි වත්තේගෙදර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි