ගුවන් හමුදාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
1:12pm on Saturday 22nd February 2025
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 08 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.

මෙම සංචාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යතුමිය සමඟ පැවති පළමු නිල හමුව සනිටුහන් කරයි. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය එයාර් මාර්ෂල් බන්දු  එදිරිසිංහ මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳව සිය සුබ පැතුම් එක් කරන ලදී.

මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමියට සමරු තිළිණයක් ප්‍රදානය කළාය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි