දියතලාව ප්‍රදේශයේ ඇති වූ ලැව්ගිනි නිවා දැමීමට ගුවන් හමුදාව සමත් විය
1:16pm on Saturday 22nd February 2025
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ එක් නිලධාරියෙකු සහ ගුවන් භටයින් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 2025 පෙබරවාරි 10 දින දියතලාව පහළ කදුරුගමුව වනාන්තර ප්‍රදේශයේ ඇති වූ මහා පරිමාණ ලැව් ගින්නක් සාර්ථකව මැඩපැවැත්වීය.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උදෑසන ගින්න පිළිබඳ තොරතුරු ලබා දුන් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරියාගේ උපදෙස් පරිදි නිලධාරීන් සහ ගුවන් භටයින් වහාම බලපෑමට ලක් වූ ප්‍රදේශයට යොදවන ලදී. ඔවුන්ගේ කඩිනම් සහ සම්බන්ධීකරණ උත්සාහයන් හේතුවෙන් පැය හයක්  වැනි කාලයක් ඇතුළත ගින්න පාලනය කිරීමට හැකි වූ අතර තවදුරටත් පැතිරීම වැළැක්වීම සහ සිදුවිය හැකි හානිය අවම කිරීම සදහා කටයුතු සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි