ජපන් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ නිලධාරීන් පිරිසක් ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
1:19pm on Saturday 22nd February 2025
ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ කර්නල් වාඩා නට්සුකිගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් 2025 පෙබරවාරි 10 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය. මෙම හමුවේදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්විණි.

සාකච්ඡාවලින් පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි