
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය 2025 පෙබරවාරි 19 දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
ගුවන් හමුදාපතිතුමා සහ සංචාරක තානාපතිතුමා අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවති අතර පසුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.
මෙම අවස්ථාවට සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා සහ නිලධාරියෙකු වන කපිතාන් තැඩියස් බ්ලැක් සහභාගී විය.
මෙම අවස්ථාවට සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා සහ නිලධාරියෙකු වන කපිතාන් තැඩියස් බ්ලැක් සහභාගී විය.