ගුවන් හමුදා හදිසි ආපදා සහන ප්‍රතිචාර කණ්ඩායම බණ්ඩාරවෙල මධ්‍යම බස් නැවතුම්පොළේ ආපදා සූදානම සඳහා අභ්‍යාසයක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART), බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව 2025 පෙබරවාරි 27 වන දින බණ්ඩාරවෙල මධ්‍යම බස් නැවතුම්පොළේදී රෝහල් ආරක්ෂණ සැලැස්ම සහ ඉවත් කිරීමේ අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී.

ගුවන් හමුදා එක් නිලධාරීයකු ගුවන් භටයින් දහඅට දෙනෙකු සහ ගුවන් කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත ගුවන් හමුදා හදිසි ආපදා සහන ප්‍රතිචාර කණ්ඩායම, ආපදා ප්‍රතිචාර දැක්වීමේ සහ හදිසි ඉවත් කිරීමේ ක්‍රියා පටිපාටිවල ඔවුන්ගේ සූදානම සහ හැකියාව පෙන්නුම් කරමින් අභ්‍යාසයට ක්‍රියාකාරීව සහභාගී විය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි