2025 අන්තර් ඒකක වූෂු ශූරතාවලිය
2025 අන්තර් ඒකක වූෂු ශූරතාවලිය 2025 පෙබරවාරි 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අවසන් විය. අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය ගුවන් හමුදා කටුනායක කායවර්ධන මධ්‍යස්ථානයේදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය සහභාගී විය.

පිරිමි අංශයේ ශූරතාවලිය ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර දිනා ගත් අතර කාන්තා ශූරතාවලිය ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී. පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකෙහිම අනුශූරතාවය දිනා ගැනීමට රත්මලාන ගුවන් හමුදා කඳවුර සමත් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා වූෂු සම්මේලන සභාපති එයාර් කොමඩෝර් සුලෝචන මාරප්පෙරුම සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි