“2025 ගුවන් හමුදා පාපැදි සවාරියේ” පිරිමි ධාවන තරඟයේ අනුශූරතාව සහ කාන්තා ධාවන තරඟයේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව ‘ගුවන් හමුදා පාපැදි සවාරිය 2025’ අඛණ්ඩව 26 වන වරටත් පැවැත්විය. පිරිමි ධාවන තරඟය 2025 පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 වන දින දක්වා අදියර 3 කින් පැවැත්විය. රට පුරා මෙන්ම විදේශයන්හි පාපැදිකරුවන් මෙම තරඟයට සහභාගී වූ අතර මුළු දුර කිලෝමීටර 422 කි. ශ්‍රී ලංකා පොලිසියේ චමෝද් ද සිල්වා සමස්ත ශූරතාව දිනා ගන්නා ලදී. කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් තරඟයේ අනුශූරතාවය දිනා ගන්නා ලදී.
2025 මාර්තු 02 දින පැවති මීරිගම සිට කොළඹ දක්වා කිලෝමීටර 86 ක දුරක් ආවරණය කළ කාන්තා ධාවන තරඟයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තරගයේ ආධිපත්‍යය දැරූ අතර දිනේෂා දිල්රුක්ෂි පළමු ස්ථානය දිනා ගත් අතර, දෙවන ස්ථානය පංචාලි සුලෝචනා සහ තෙවන ස්ථානය සුදාරිකා ප්‍රියදර්ශනී දිනා ගත්හ. කණ්ඩායම් ශූරතාවය ද ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවති අතර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී විය. මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා පාපැදි සභාපති එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සමස්ත තරගය සඳහා අත්වැල් බැඳගත් සියලුම අනුග්‍රාහකයින්ගේ නියෝජිතයින් සහ නිල මාධ්‍ය හවුල්කරුවන් ද මෙම සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී විය.
ප්‍රතිඵල සාරාංශය
පිරිමි පාපැදි ධාවන තරඟය
පිරිමි කණ්ඩායම් ශූරයා - ශ්‍රී ලංකා යුද හමුදාව
පිරිමි කණ්ඩායම අනුශූරයා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත පිරිමි පාපැදි තරඟයේ ශූරයා - චමෝද් ද සිල්වා - ශ්‍රී ලංකා පොලිසිය
සමස්ත පිරිමි දෙවන ස්ථානය - සඳරුවන් පින්ටෝ - ශ්‍රී ලංකා යුද හමුදාව
සමස්ත පිරිමි තෙවන ස්ථානය - හරින්ද මීමනගේ - ශ්‍රී ලංකා යුද හමුදාව
ස්ප්‍රින්ට් ශූරයා - සාරංග පෙරේරා - ශ්‍රී ලංකා යුද හමුදාව
කාන්තා ධාවන තරඟය
කාන්තා කණ්ඩායම් ශූරයා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
කාන්තා අනුශූරයා - ශ්‍රී ලංකා නාවික හමුදාව
සමස්ත කාන්තා ශූරිය - දිනේෂා දිල්රුක්ෂි - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත කාන්තා ශූරිය - පංචාලි සුලෝචනා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
සමස්ත කාන්තා 3 වන ස්ථානය - සුදාරිකා ප්‍රියදර්ශනී - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ස්ප්‍රින්ට් ශූරිය - දිනේෂා දිල්රුක්ෂි - ශ්‍රී ලංකා ගුවන් හමුදාව