ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලය 26 වන සංවත්සරය සමරයි
10:38pm on Monday 17th March 2025
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලය 2025 මාර්තු 04 වන දින සිය 26 වන සංවත්සරය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සමීර විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.

සැමරුම් උත්සවයේ සමගාමීව අණදෙන නිලධාරී විසින් කඳවුරේ ජයග්‍රහණ සහ අනාගත අභිලාෂයන් පිළිබිඹු කරමින් සියලුම නිලධාරීන්, ශිෂ්‍ය නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් චාරිත්‍රානුකූල දේශනයක් පවත්වන ලද අතර අනතුරුව රුක් රෝපණ වැඩසටහනක්ද පවත්වන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව චීන වරාය ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ සුදුසුකම් ලත් සිසුන්ට සහාය වීම සහ ඔවුන්ගේ ඉගෙනුම් කුසලතා වැඩිදියුණු කිරීම අරමුණින් ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි