
ශ්‍රී ලංකාව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂකතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේෂක ජ්‍යෙෂ්ඨ කර්නල් චෞ බෝ මහතා 2025 මාර්තු 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
සංචාරයේ නියුතු ආරක්ෂක උපදේශකයින් සහ ගුවන් හමුදාපතිවරයා අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡාවකින් අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරන ලදී මෙම සංචාරයට නියෝජ්‍ය ආරක්ෂක උපදේෂක කපිතාන් ලියැං ඇන් මහතා ද එක්ව සිටියහ.