
ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 මාර්තු 20 වන දින පවත්වන ලද අතර, එහිදී නික්ම යන කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ඒවී ජයසේකර නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී. නික්ම යන අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩයස් නිලධාරීතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු ලෙස තනතුර භාර ගැනීමට නියමිතව ඇත.



























