K-8 උසස් ජෙට් පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසු පරීක්ෂණ සදහා විශේෂ විමර්ශන කණ්ඩායමක්
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 05 ප්‍රහාරක බලඝණයට අනුයුක්ත K-8 උසස් ජෙට් පුහුණු ගුවන් යානයක් 2025 මාර්තු 21 වන දින උදෑසන කුරුණෑගල, වාරියපොල ප්‍රදේශයේදී පුහුණු අභ්‍යාසයක් අතරතුර අනතුරට ලක් විය. යානයේ සිටි නියමුවන් දෙදෙනාම සාර්ථකව දිවි බේරා ගත් අතර කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

ගුවන් යානයේ සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු සහ තවත් නියමුවෙකු ගමන් කරමින් සිටි අතර, ඔවුන් දෙදෙනාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරෙන් පසු, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි