ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා නියෝජිතයින් සහ ගුවන් හමුදාපතිවරයා අතර හමුවක්
8:57pm on Saturday 12th April 2025
ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහයෝගිතා ප්‍රධානී කමාන්ඩර් ෂෝන් ජින් මහතා 2025 මාර්තු 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

ආරක්ෂක නියොජිතයින් හා ගුවන් හමුදාපතිතුමන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා සිදුකරන ලද අතර සාකච්ඡාවලින් අනතුරුව මෙම අවස්ථාව සැමරීම සඳහා සමරුතිළිණ හුවමාරුවක්ද  සිදුකරන ලදී.

ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් මහතා සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ නව ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් රොස් ලැරී ද මෙම අවස්ථාවට  සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි