ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීමේ සහ ගිණුම් ඒකකය වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත්කරන ලදී
ගුවන් හමුදා කටුනායක කඳවුරේ උපකරණ සැපයීමේ සහ ගිණුම් ඒකකයේ අණදෙන නිලධාරි තනතුර බාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2025 මාර්තු 27 වන දින පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර, එහිදී නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එම්එම්ඒ මෙන්ඩිස් නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඒආර්ජී රොද්‍රිගෝ නිළධාරීතුමන් අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් මෙන්ඩිස් නිළධාරීතුමන් 2025 ජනවාරි 01 වන දින උපකරණ සැපයීමේ සහ ගිණුම්කරණ ඒකකයේ අණදෙන නිලධාරි තනතුර භාර ගත් අතර ඔහු කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අමතර ඩිපෝවේ අණදෙන නිලධාරි තනතුර භාර ගැනීමට නියමිතව ඇත.