ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියමුවන් රහිත ගුවන් යානා (UAV) සංවර්ධනයේ ඉදිරි පියවරක් තබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමාන S-II නිරීක්ෂණ නියමුවන් රහිත ගුවන් යානා (UAV) සංවර්ධනයේ සැලකිය යුතු පියවරක් අත්කර ගන්නා ලදී. 2024 සිට ගුවන් යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගයෙ හි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මංජුල අබේවික්‍රම නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන් යානා පර්යේෂණ සහ සංවර්ධන අංශය (AR&DW) විසින් සංවර්ධනය කරන ලදී.
නිල භාරදීමේ උත්සවය 2025 මාර්තු මස 28 වන දින ගුවන් යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගයේ ඉංජිනේරු නිලධාරීන් සහ කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සහ ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ අංක 27 රෙජිමේන්තු පක්ෂාංගයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. ඔත්තු බැලීමේ සහ නිරීක්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම විමාන S-II ගුවන් යානය ගුවන් හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කරමින් අංක 27 රෙජිමේන්තු පක්ෂාංගය විසින් සිදු කරනු ලබන ආරක්ෂක මෙහෙයුම් සඳහා තීරණාත්මක බුද්ධි සහාය ලබා දෙනු ඇත.