2025 අන්තර් ඒකක චෙස් ශූරතාවලිය
10:11pm on Saturday 12th April 2025
2025 අන්තර් ඒකක චෙස් ශූරතාවලිය 2025 මාර්තු 25 සිට 28 දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. සම්මාන සහ සහතිකපත්  ප්‍රදානෝත්සවය  පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිළධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් කඳවුරු ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියට කණ්ඩායම් 12ක් සහ ක්‍රීඩකයින් 60කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර විවෘත බ්ලිට්ස් 3+2 තරඟාවලිය ක්‍රීඩකයින් 52 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ශූරතාව දිනාගත් අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික අංශ කණ්ඩායම අනුශූරතාවය දිනා ගත්තේය.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ කැඩෙට් නිලධාරි  අධිකාරි ඒඑම්එම්එස්සී සමස්ත ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික අංශය නියෝජනය කරන විංග් කමාන්ඩර් ලක්මාල් ජයසූරිය විසින් බ්ලිට්ස් ශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කෝලිත අබේසිංහ, ගුවන් හමුදා චෙස් සභාපති ගෲප් කැප්ටන් ධනුෂ්ක තලකැටිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් අවසන් සැසිය නැරඹීමට සහභාගී වූහ.

ගුවන් හමුදා චෙස් ලේකම් වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.එම්.කේ.එන්. වික්‍රමසිංහ විසින් ස්තූති කතාව පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි