ගුවන් හමුදා සුභසාධන වෙළඳ කාර්ය මණ්ඩලයට පාරිභෝගික සේවා සහ සිල්ලර කළමනාකරණය පිළිබඳ විශේෂිත පුහුණුවක්
10:15pm on Saturday 12th April 2025
ගුවන් හමුදා සුභසාධන වෙළඳසැල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා විශේෂිත පුහුණු වැඩමුළුවක් 2025 මාර්තු මස 31 වන දින ශ්‍රී ජයවර්ධනපුර ස්කයිමාර්ට් සුභසාධන සුපිරි වෙළඳසැල් පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩමුළුව යුනිලීවර් පීඑල්සී සමඟ සහයෝගයෙන් සුභසාධන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.

ස්කයිමාර්ට්, ශ්‍රී ජයවර්ධනපුර, ගුවන් හමුදා ගුවන්පුර සහ කොළඹ කඳවුරු  සුභසාධන අලෙවිසැල් නියෝජනය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් යුනිලීවර් ව්‍යාප්ති කණ්ඩායමෙන් පුළුල් පුහුණුවක් ලබා ගත්හ. ආචාරශීලී පාරිභෝගික සේවය, නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධනය, පැමිණිලි විසඳීම, විද්‍යාත්මක රාක්ක කළමනාකරණය සහ නිසි තොග නඩත්තුව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර මෙම සැසිවාරයන් ආවරණය කළේය.

මෙම වැඩසටහන ජාතික නාලිකා කළමනාකරු සමන් ප්‍රියරත්න මහතා සහ යුනිලීවර් පීඑල්සී හි ප්‍රාදේශීය අලෙවි විධායක කවිෂ්ක ජයවර්ධන මහතා විසින් මෙහෙයවන ලදී. ගුවන් හමුදා සුභසාධන අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාෂල් තුෂාර සිරිමාන්න සහ කෘෂිකර්ම හා සුභසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන යන නිළධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම වටිනා මුලපිරීම සාර්ථකව සම්බන්ධීකරණය කරන ලදී.

ස්කයිමාර්ට් සුභසාධන සුපිරි වෙළඳසැල ආරක්ෂක සේවා මූලස්ථානයේ ස්ථානගත කර ඇති ත්‍රිවිධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා සේවය සපයයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි