ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගුවන් හමුදාපතිවරයා හමුවෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු ජනක ගුණසීල මහතා 2025 අප්‍රේල් මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවිය.

ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අදාළ අනාගත පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිතුමන් සහ පැමිණි සම්භාවනීය අමුත්තා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි