රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විද්‍යුත් හා සන්නිවේදන ඉංජිනේරු අංශය සිය 36 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශය 2025 අප්‍රේල් මස 02 වන දින  වසර 36 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමේ සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය.

අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පීඑල් ගුණවර්ධන නිළධාරීතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 2025 අප්‍රේල් 01 වන දින රත්මලාන ශ්‍රී සම්බෝධි නුගශ්‍රම විහාරස්ථානයේදී බෝධි පූජාවක් සංවිධානය කරන ලදී. සම්ප්‍රදායන්ට අනුකූලව, වැඩ පෙළපාළිය රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වූ අතර සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් රුක් රෝපණ උත්සවයකට සහභාගී විය. ජල ක්‍රීඩා සංකීර්ණයේ සවස රැස්වීමකින් උත්සව අවසන් වූ අතර, එයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ඩීබීවී වීරසිංහ නිළධාරී තුමන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි