අංක 25 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 96 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතික ප්‍රදානෝත්සවය
අංක 25 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 96 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතික ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් 10 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ඇස්ට්‍රා ශාලාවේදී ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා, විද්‍යාපීඨ අධ්‍යයන අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් දුලිප් හේවාවිතාරණ සහ සියලුම පක්ෂාංග අණදෙන නිලධාරීන්, විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් ශක්තිමත් අධ්‍යයන දැනුමකින්, කාර්යක්ෂම කළමනාකරණ කුසලතාවයකින් සහ තියුණු නායකත්ව ලක්ෂණවලින් සන්නද්ධ කිරීම මූලික අරමුණ ඇතිව සති 14 ක් පුරා රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පැවැත්වූ මෙම පාඨමාලාව සුදුසුකම් ලත් අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණ ඩිප්ලෝමාව ප්‍රදානය කිරීමත් සමඟ අවසන් විය.
අංක 25 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 96 සිංහල මාධ්‍ය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 73 දෙනෙකු සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 66 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකු ඇතුළත් විය. උත්සවයේදී, පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා සම්මානලාභීන් 143 දෙනෙකුට සහතිකපත් පිරිනමන ලදී.
අංක 25 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් අතරින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස සැරයන් වික්‍රමාරච්චි WAMP සහ කෝප්‍රල් රාජපක්ෂ SW සම්මාන දිනා ගත්හ. මේ අතර, අංක 96 සිංහල මාධ්‍ය පාඨමාලාවේ හොඳම සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස සැරයන් බණ්ඩාර ABWM සහ කෝප්‍රල් පෙරේරා KWRSH සම්මාන දිනා ගත්හ.
මෙම විශේෂ ජයග්‍රාහකයින්ට අමතරව, පාඨමාලා සාර්ථකත්වයට තම අද්විතීය ශක්තීන් දායක කරගත් තවත් විශේෂ සම්මානලාභීන් රැසක් ද උත්සවයේදී සම්මාන හිමිකරගත්හ.