ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකා ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මහතා 2025 අප්‍රේල් 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවකින් පසුව, එයාර් මාර්ෂල් එදිරිසිංහ මහතා සහ ශ්‍රී ලංකා ජපන් තානාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.

මෙම අවස්ථාවට ආරක්ෂක උපදේශක, කමාන්ඩර් ටකායුකි කුබෝ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි