ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා 2025 අප්‍රේල් 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවෙන් පසුව, එයාර් මාර්ෂල් එදිරිසිංහ මහතා සහ සංචාරයක නිරත සම්භාවනීය අමුත්තා අතර මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි