ශ්‍රී ලංකා ගුවන් හමුදාව 5 වන 'සහසක් නිමවුම්' ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයේදී දේශීය ගුවන් නවෝත්පාදන ප්‍රදර්ශනය කරයි
'සහසක් නිමවුම්' ජාත්‍යන්තර නව නිපැයුම් සහ නවෝත්පාදන තරඟයේ 5 වන සංස්කරණය සහ නව නිපැයුම් සහ නවෝත්පාදන සඳහා වූ ජාතික ප්‍රදර්ශනයේ 12 වන සංස්කරණය 2025 අප්‍රේල් 25 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා වන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රන ශාලාවේදී හිදී නිල වශයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) විසින් සංවිධානය කරන ලද මෙම වාර්ෂික උත්සවය, නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නවෝත්පාදකයින් දිරිමත් කිරීම සඳහා අවස්ථාව සලසයි.

උත්සවය අතරතුර, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් දේශීයව නිර්මාණය කරන ලද, විමාන S II ඩ්‍රෝන යානය, උත්සවය සඳහා එක්කර තිබුණි. ප්‍රදර්ශනයේදී, දේශීයව සංවර්ධනය කරන ලද නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාව සඳහා වෙනම කුටියක් වෙන් කරන ලදී. මේවාට ලිහිණියා UAV, බෙල් 412/212 නිවේදක පරීක්ෂක, ගිනි අවි සිමියුලේටර් පුහුණු පද්ධතිය සහ ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නිර්මාණය කර ඇති ප්ලාස්ටික් ෂ්රෙඩර් යන්ත්‍රයක් ඇතුළත් විය.

ප්‍රදර්ශනය 2025 අප්‍රේල් 27 වන දින දක්වා පවතින අතර, නරඹන්නන්ට ශ්‍රී ලංකාවේ නවෝත්පාදන දැක බලා ගැනීමට සහ එයට සම්බන්ධ වීමට අද්විතීය අවස්ථාවක් හිමිවනු ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි