ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් කටුවන මධ්‍ය මහා විද්‍යාලයට සංගීත භාණ්ඩ පරිත්‍යාග කරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, කටුවන මධ්‍ය මහා විද්‍යාලයට විශේෂ සංගීත භාණ්ඩ පරිත්‍යාගයක් 2025 අප්‍රේල් 29 දින සිදු කරන ලදී. මීට අමතරව, මෑතකදී පැවති ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම දක්ෂතා දැක්වූවන් සඳහා ලිපි ද්‍රව්‍ය, අභ්‍යාස පොත් සහ අනෙකුත් පාසල් උපාංග සේවා වනිතා ඒකකය විසින් බෙදා දෙන ලදී.

පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි සිදු කරන ලද මෙම වැඩසටහන මගින් පාසලේ සංගීත අධ්‍යාපන වැඩසටහන වැඩිදියුණු කිරීම සහ සිසුන්ට ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කර ගැනීමට වැඩි අවස්ථාවන් ලබා දීම අරමුණු කරයි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර සේවා වනිතා ඒකකයේ ලේකම් වින්ග් කමාන්ඩර් ලිලංගි රන්දෙණි, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් මෙන්ම පාසලේ ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාවට  සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි