කොළඹ වෝක්ෂෝල් වීදියේ ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය විය.
2025 මැයි 10 වන දින  වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන භටයින් සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ ආපදා සහන ප්‍රතිචාර කණ්ඩායම වහාම කොළඹ ගිනි නිවන හමුදාවට සහාය විය.

කොළඹ ගුවන් හමුදා කඳවුර ජල බවුසරයක් සහ ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායමක් කඩිනමින් යෙදවීය. මෙම කණ්ඩායම වෘත්තීයමය වශයෙන් ගිනි නිවන කොළඹ ගිනි නිවන හමුදාවේ නිලධාරීන්ට සහාය වූ අතර ගින්න පාලනය කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි