ගුවන් හමුදා කටුනායක කඳවුරේ අක්ෂිදාන වැඩසටහනක් පවත්වනු ලබයි
කටුනායක ගුවන් හමුදා රෝහල විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිත්‍යාගශීලීත්වයට කැමති සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අක්ෂි හා පටක පරිත්‍යාග සඳහා ලියාපදිංචි වී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන ලදී.
කටුනායක ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.පී.ඒ.එස්. හේවාවසම් නිළධාරීතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 2025 මැයි 15 වන දින කටුනායක ගුවන් හමුදා රෝහලේ අක්ෂිදාන වැඩසටහනක් පවත්වන ලදී. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය නියෝජනය කරන සම්පත්දායකයින් විසින් මෙම අවස්ථාවට පහසුකම් සපයන ලද අතර සංගමයේ සභාපති සම්පත් ද සිල්වා මහතා, මානව පටක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඩබ්ලිව්.ඕ.එච්. ද මෙල් මහතා, ජාත්‍යන්තර අක්ෂි බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජේ.එස්. මාතර ආරච්චි මහතා ඇතුළු ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ කළමනාකරණ මණ්ඩලය විසින් මෙම අවස්ථාවට පහසුකම් සපයන ලදී. ලියාපදිංචි කිරීම් රාශියක් සිදු කරමින් උත්සවය සාර්ථකව අවසන් විය.