ගුවන් හමුදාව හයිටියේ ගින්නක් සාර්ථකව මැඩපවත්වයි
හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ආරක්ෂක කටයුතුවල නිරතවන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පසුගිය අගෝස්තු 14 වන දින ජැක්මේල් නගරයේ ප්‍රධාන වෙළඳ පරිශ්‍රයක සිදු වූ ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් විය.

ජැක්මේල් නගරය හයිටියේ ජනාකීර්ණ මෙන්ම ගොඩනැගිලි රැසකින් සමන්විත නගරයක් වන අතර ඉතා කෙටි කාලයක් තුල මෙම ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා භට කණ්ඩායමට හැකිවිය.

මෙම ගිනි නිවීම සඳහා හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ආරක්ෂක කටයුතුවල නිරත වන ශ්‍රී ලංකා යුධ හමුදාව, හයිටි ගිනි නිවීමේ ඒකකය මෙන්ම එහි පොලීසියේ සහයද ලැබී ඇත.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි