13 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලියේදී ගුවන් හමුදා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනී.
2025 මැයි 22 වන දින රීඩ් මාවත හොකී ක්‍රීඩාංගණයේදී අවසන් වූ 13 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලිය  ගුවන් හමුදා හොකී කණ්ඩායම සුවිශේෂී කුසලතා, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළ ඉතා තරඟකාරී හා උද්යෝගිමත් ඉසව්වක ආරම්භය සනිටුහන් කරන ලදී .

අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව 2-0 ක් ලෙස ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරඟයේදී ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩා අවසානයේ ලකුණු 3-3 ක් ලෙස සම වීමත් සමඟ, තරගය දඬුවම් පහරක් දක්වා ඉදිරියට ගෙනයන ලදී. ඔවුන්ගේ දැඩි උත්සාහය හමුවේ  ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට 3–1ක් ලෙස අවසන් කර තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා යුද හමුදා හොකී සභාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මෙම අවස්ථාවට ගුවන් හමුදා හොකී සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්සී විජයනායක සහ ගුවන් හමුදා හොකී ලේකම් ගෲප් කැප්ටන් නාලක ඇටිපොල මහතා සහභාගී විය.

හොඳම ක්‍රීඩිකාව ලෙස තරඟාවලිය පුරාම සුවිශේෂී දස්කම් වෙනුවෙන් කාන්තා අංශයේ පිළිගැනීමට ලක්වූ ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ කෝප්‍රල් ඩබ්ලිව්.අයි.එම්.පී වීරබාහුට විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි