ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 18 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2025 මැයි 24 වන දින සිය 18 වන සංවත්සරය සමරනු ලැබීය. අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පීජීයූඑන් ධර්මපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ මදුරන්කුලියේ “ආලෝක බාලිකා නිවාසයේ”  ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී.

සංවත්සර සැමරුම් චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර එය අණදෙන නිලධාරීතුමන් විසින් පරීක්ෂා කරන ලදී.  උත්සවය අනෙකුත් අංශයන්හි අණදෙන නිලධාරීන් සහ බලඝණ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සාමූහික ක්‍රීඩා ඉසව්වකින් පසු සංවත්සර සැමරුම අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි