කැල්ටෙක්ස් රග්බි තරඟාවලියේ 'පලඟ' ශූරතාවය ගුවන් හමුදාවට
කැල්ටෙක්ස් රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය සඳහා ගුවන් හමුදා හා සී.එස් සහ එෆ්.සී රග්බි කණ්ඩායම් තරඟ වැදුනු අතර, ශූරතාවය ලකුණු 46-07 ලෙස ගුවන් හමුදා රග්බි කණ්ඩායම හිමි කර ගන්නා ලදී. මෙම තරඟය ගුවන් හමුදා කටුනායක කඳවුරු ක්‍රීඩාපිටියේදී අද (12) පැවැත්විණි.
පළමු අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 22 ලබා ගන්නා ලදී. තවද තරඟාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් විය.
ගුවන් හමුදා රග්බි සංචිතයේ සභාපති හා කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු විජිත ගුණරත්න මහතා ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.