2025 ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් ශූරතාවලිය කටුනායක හිදී අවසන් විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2025 අන්තර් ඒකක පිරිමි සහ කාන්තා ක්‍රිකට් ශූරතාවලිය 2025 මැයි 29 වන දින ගුවන් හමුදා කටුනායක ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් විය. අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධානත්වයෙන් ආරාධිත අමුත්තා ලෙස පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් නිළධාරීතුමන්ගෙ සහභාගී විය.
වවුනියාව ගුවන් හමුදා කඳවුර පිරිමි අංශයේ ශූරතාව දිනා ගත් අතර ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල කාන්තා ශූරතාව දිනා ගන්නා ලදී. පිරිමි අවසන් මහා තරගයේදී, අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල (RTC) ඔවුන්ගේ නියමිත ඕවර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 103 ක් ලබා ගත්තේය. පිළිතුරු වශයෙන්, වවුනියාව ගුවන් හමුදා කඳවුර ඕවර 14 කදී කඩුලු 6 කට ලකුණු 84 ක් ලබා ගත් අතර,වර්ෂාවෙන් බාධාවූ තරඟයකදී ඩබ්ලිව්.එල්.එස් න්‍යයට අනුව කඩුලු 4 කින් ජයග්‍රහණය ලබා ගනිමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
කාන්තා අවසන් තරගයේදී දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ඕවර 5 කදී කඩුලු 4 කට ලකුණු 55 ක් රැස් කර ගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල ඕවර 4 කදී මුළු ලකුණු හඹා ගොස් කඩුලු 2 කට ලකුණු 56 ක් ලබා ගනිමින් ශූරතාවය හිමිකරගන්නා ලදී.
අවසන් මහා තරගය නැරඹීමට ගුවන් හමුදා ක්‍රිකට් සම්මේලන සභාපති එයාර් කොමඩෝර් සුරේෂ් ජයසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.
සමස්ථ ප්‍රතිඵල