ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත් කෙරේ
ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයේ (AEW) අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2025 මැයි 29 වන දින පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්එෆ් ජැන්සන් නිලධාරිතුමන්, විසින් එයාර් කොමඩෝර් ඩබ්ලිව්ඒඩිසී විජේසිංහ නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් විජේසිංහ, ගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ (AOW) අණදෙන නිලධාරි තනතුරට අමතරව ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයේ (AEW) වැඩබලන අණදෙන නිලධාරී තනතුරේද සේවය කිරීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි