‘MECHNOVA 2025’ තාක්ෂණික ප්‍රදර්ශනයේදී ගුවන් හමුදා ගිනි නිවන සේවය මෙහෙයුම් විශිෂ්ටත්වය පෙන්නුම් කරයි
2025 මැයි 29 සහ 30 යන දිනවල ඉඹුලාන ශ්‍රී සේනා ජාතික විද්‍යාලයේ පැවති තාක්ෂණික ප්‍රදර්ශනයක් වන ‘MECHNOVA 2025’ හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන සේවය සිය හැකියාවන් ප්‍රදර්ශනය කළේය. මෙම අවස්ථාවට තාක්ෂණික ආයතනයන් හා ආරාධිත පාසල් කිහිපයකින් සිසුන් 1,700 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එය ගුවන් හමුදාව හට ගිනි ආරක්ෂණ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ එහි තාක්ෂණික ප්‍රවීණතාවය ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් විය.
ගිනි නිවන උපකරණ, ගිනි නිවන පද්ධති සහ උසස් ගලවා ගැනීමේ උපකරණ පිළිබඳ මනාව සකස් කරන ලද ප්‍රදර්ශනයක් ඇතුළත් ගිනි නිවීමේ සහ බේරා ගැනීමේ ප්‍රදර්ශන කුටියක් සකස් කරන ලද අතර එහිදී අන්තර්ක්‍රියාකාරී ඉදිරිපත් කිරීම මඟින් සිසුන්ට සහ අමුත්තන්ට ගුවන් හමුදාවේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ පිළාවෙල සහ ගිනි වැළැක්වීමේ පියවරයන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දුන් අතර, සූදානම සහ ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවධාරණය කළේය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු. චම්පා ජානකී රාජරත්න මහත්මිය මහජන සම්බන්ධතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන කැපවීම සහ ගිනි ආරක්ෂාව පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා දරන අධ්‍යාපනික උත්සාහයන් පිළිබඳව සිය ප්‍රශංසා පළකරන ලදී.
මෙම වැඩසටහන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා නිළධාරීතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලදී.